“ලෝක රැකියා වෙළඳපොළට සරිලන විදිහට රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා”

ලෝක රැකියා වෙළඳපළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බණ්ඩාරවෙල, සුබ්‍රමනියම් ශාලාවේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ වසර දහයකට පහළොවකට විස්සකට හරි යන විදිහට ඊළඟ අවුරුදු පහේ දහයේ රැකියා නිර්මාණය වන ආකාරයට අපේ රටේ තරුණ පරපුර නිර්මාණය කළ යුතු බවයි.

එමෙන්ම ඒ වැඩපිළිවෙළ තුළ මේ රටට තිරසාර ආර්ථික සංවර්ධනයක් ළඟා කරගන්න පුළුවන් යැයි ද එසේ නොමැති වුවහොත් ජාත්‍යන්තර සංවිධානයක් කියන විදිහට බදු ගසීමෙන් මේ රටේ දියුණුවක් අපේක්ෂා කිරීමට නොහැකි බව ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ “ අපි මේ රට ගොඩනවා නගනවා වගේම, ජනතාව ආරක්ෂා කරනවා වගේම මේ රටේ අනාගත පරම්පරාව අපේක්ෂිත දියුණු ලෝකයක් ගොඩනගන්න අපි අපේ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. දේශීය ව්‍යාපාරිකය අපි රැකිය යුතු වෙනවා. ඇතැම් නායකයෝ හිතනවා විදේශ රටවලින් ගෙනල්ලා කන්න දෙන එක පහසුයි කියලා. අවංකවම අපි සිතනවා මේ රටේ ව්‍යාපාරිකයා ආරක්ෂා කළ යුතුයි කියලා. ගමේ ව්‍යාපාරය කරන ව්‍යාපාරිකයාගෙන් තමයි මේ රටේ ආර්ථිකය දුවන්නේ. ඒ අයගෙන් අසීමිත ලෙස බදු අයකළා කියා රට දියුණු කරන්න බැහැ. බදු ප්‍රමාණය දරාගන්න හැකි ප්‍රමාණයකට පරිවර්තනය කළයුතු වෙනවා. අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනස්කම් වෙන්න ඕන. ලෝක රැකියා වෙළඳපළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා. අවුරුදු දහයකට පහළොවකට විස්සකට හරි යන විදිහට ඊළඟ අවුරුදු පහේ දහයේ රැකියා නිර්මාණය වන ආකාරයට අපේ රටේ තරුණ පරපුර නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වැඩ පිළිවෙළ තුළ මේ රටට තිරසාර ආර්ථික සංවර්ධනයක් ළඟා කරගන්න පුළුවන්. එහෙම නැතුව ජාත්‍යන්තර සංවිධානයක් කියන විදිහට බදු ගසීමෙන් මේ රටේ දියුණුවක් අපේක්ෂා කරන්න බෑ ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *