ලෝඩ්ස්හි මෙන්ම ටෙස්ට් පිටියේ වැඩිම ශතකලාභියා බවට ජෝ රූට් පත්වෙයි

ක්‍රිකට් ක්‍රීඩාවේ හඳවත බඳු වූ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී මෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් අද (31) සමත් වුණා.

ඒ සංචාරක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනයේදීයි.

ඒ අනුව, ජෝ රූට් මේ වනවිට ලෝඩ්ස් පිටියේදී වාර්තා කර ඇති ශතක සංඛ්‍යාව 07ක් වන අතර, මයිකල් වෝගන් හා ග්‍රැහැම් ගූච් ශතක 06 බැගින් ලබාගෙන දෙවැනි ස්ථානයේ පසුවෙනවා.

තවද, ජෝ රූට් මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටින පිතිකරුවන්ගෙන් එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම ශතක රැස්කර ඇති පිතිකරුවා වීමට සමත් වීමද විශේෂත්වයක්.

2012 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ජෝ රූට් මෙතෙක් ලබාගෙන ඇති සමස්ථ ටෙස්ට් ශතක සංඛ්‍යාව 34ක් වන අතර, ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ශතක ලැයිස්තුවේ පළමුවැනි ස්ථානයට පත් වුණා.

එමෙන්ම එහි දෙවැනි ස්ථානයෙහි පසුවන්නේ ශතක 33ක් හිමිකරගෙන ඇති එංගලන්ත ක්‍රීඩක ඇලෙස්ටෙයාර් කුක් විසින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *