ලෝර්ඩ්ස් පිටියේ ශතක පුවරුවට තවත් ශතකලාභියෙක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංග්ලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සුප්‍රකට ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන් සිය මංගල ටෙස්ට් ශතකය රැස් කරන්නට සමත් වුණා.

ඒ පන්දු 103ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 11ක් වාර්තා කරමින්.

මේ වන විට 26 වැනි වියෙහි පසුවන ඇට්කින්සන් මෙම ශතකය වාර්තා කළේ, සිය පස්වැනි ටෙස්ට් තරගයේ දී වන අතර එය වාර්තා අතරට එක් වුණේ, ක්‍රිකට් ලොවේ රන් දෙවොල ලෙසින් හැඳින්වෙන ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වාර්තා වූ සයවැනි වේගවත් ටෙස්ට් ශතකය ලෙසයි.

ඇට්කින්සන් මේ වන තෙක් කිසිදු පළමු පෙළ තරගයක හෝ ශතකයක් වාර්තා කරගෙන නොතිබූ අතර, ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරගවල ලබා ගත් ලකුණු සියල්ලේ ම එකතුව ලකුණු 64ක් පමණයි.

එහි දී ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වුණේ, අල්කුණු 21ක්.

මේ අතර නිත්‍ය පන්දු යවන්නෙක් වන ඇට්කින්සන් මේ වන විට ලබා ගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 26ක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *