වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය දරුවාගේ පරීක්ෂණ සී.අයි.ඩී යට

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ තුන් හැවිරිදි කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියේ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළා.

ඒ, බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් ඊයේ සලකා බැලීමෙන් අනතුරුවයි. දරුවාගේ ශල්‍යකර්මය සිදුකළ බව කියන නවීන් විජේකෝන් නමැති විශේෂඥ වෛද්‍යවරයා මේ වනවිට ඕස්ටේ්‍රලියාවේ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු සිටින ස්ථානය සහ ඊමේල් ලිපිනය අදාළ අංශ මගින් පොලිසිය වෙත යොමු කර ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙම සිද්ධිය හා සම්බන්ධ ස්කෑන් පරීක්ෂණය සිදුකළ බව කියන නුවන් හේරත් නමැති වෛද්‍යවරයාද මේ වනවිට විදෙස්ගතව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විදෙස්ගතව සිටින එම වෛද්‍යවරුන් දෙදෙනාද මෙරටට කැඳවා සාක්ෂි ලබාගත යුතු බැවින් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසයි බොරැල්ල පොලිසිය ඉල්ලා සිටියේ.

මෙලෙස මිය ගියේ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙලුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි පස්ලිම් නමැති දරුවෙකු වන අතර ඔහුගේ මියයෑම සැකසහිත බවට දරුවාගේ දෙමව්පියන් බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *