වට්ටම් දීලා කුඩු විකුණූ ගුරුවරියක් අත්අඩංගුවට

පොසොන් සමයේදී අනුරාධපුරයට පැමිණෙන මත්ලෝලීන්ට මත්කුඩු විකිණීමට සූදානමින් සිටි ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටියකට අධික වටිනා මත්කුඩු තොගයක් සමග ගුරුවරිය හා ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සැකකාරිය අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක් බවයි පැවසෙන්නේ.

සැකකරු අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයක සූපවේදී සහායකවරයකු ලෙස කටයුතු කරන බව වාර්තා වුණා.

මෙම යුවළ අනුරාධපුර පූජා නගරයේ කුට්ටම් පොකුණ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය පැවසුවා.

මොවුන් මේවා ප්‍රවාහනය සඳහා භාවිත කළ යතුරු පැදියක්ද අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවසුවේ.

මොවුන් වයස 26 සහ 28 හැවිරිදි බවත් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර වසරක කාලයක් සම්පූර්ණ වීම නිසා එය සැමරීමට ගැනුම්කරුවන්ට විශේෂ දීමනාවක් ලබා දීමට සූදානම්ව සිට තිබෙනවා.

ඒ අනූව මත්කුඩු පැකට්ටුවක් සඳහා රුපියල් 500, 1000 වශයෙන් වට්ටම් ලබා දී ඇති බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට පත් ගුරුවරිය වාරියපොල පදිංචිකාරියක් බවද ඇගේ සැමියා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද හදුනාගෙන තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවෙකුගෙන් ලබා ගත් මත්කුඩු මොවුන් විසින් අනුරාධපුර පූජා නගරයේදී අලෙවි කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ වැටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *