අප රට මේ මොහොත වන විට තීරණාක්මක අවස්ථා රැසකට මුහුණ දෙන බවත් වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයකු ලෙස බදු අඩු කරන බව පැවසුවත් අවස්ථා දෙකකදී ඔහු ජනාධිපති වී අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කළත් තවමත් බදු අඩු කර ගන්න බැරිව සිටින බවත් ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කරමින් ජනතාව අතරමං කරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ජීවන බර වැඩි වී අමාරුවෙන් ජීවත් වන බවත් වේදිකාවේ සහන දෙනවා බඩුමිල ඉන්ධන මිල අඩු කරනවා කිව්වත් ඒ එකක්වත් කරන්න බැරිව ඇති බවත් රජය තවත් පෝලිම් යුගයක් නිර්මාණය කර ඇති බවත් පොල් පෝලිම් පාස්පෝට් පෝලිම් තවමත් ඇති බවත් අත්‍යාවශ්‍ය ආහාරවල ද මිල වැඩි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ පැවැති ජන හමුවකදීය.
ජනතාව අසහනයට පත්ව ඇති මොහොතක ජනතාව රවටා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළාට සමගි ජන බලවේගය ජනතාව ගැන සිතන පක්ෂයක් නිසා ජනතාව පෙළෙන මේදුක නැති කර අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමා IMF එක සමග සාකච්ඡා කළේ විපක්ෂයේ සිට බවත් ඒ සාකච්ඡාවලදී IMF එක මෙම ගිවිසුම සංශෝධනය කරන්න එකග වු බවත් අද වන විට IMF එක ලංකාව ගැන කරන review එක පවා කල් දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම ලංකාව නැවත ණය ගෙවීම 2033 සිට කරන්න කිියා අයි එම් එෆ් එක කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව එය 2028 දක්වා අඩු කර ගිවිසුම් අත්සන් කර ඇති බවත් පවතින ආර්ථික වර්ධනය ගැන බලන විට 2028 සිට නම් ණය ගෙවිය නොහැකි බවත් එම නිසා මේ ගිවිසුම වෙනස් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
එම නිසා කෙටි කාලීන සහන ගැන නොසිතා දරුපරපුර ගැන සිතා කටයුතු කරන ලෙසත් මේ තත්ත්වයෙන් රට බේරා ගත හැක්කේ සමගි ජන බලවේගයට බවත් තවදුරටත් දුක් විදින්න බැරි නිසා එක්සිත්ව එක්සත්ව සමගි ජන බලවේගයට ලබා දෙන ලෙස ඉල්ල සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.