වත්මන් පරපුර ගැන මෙන්ම නුපන් පරපුර ගැනත් සිතා වැඩ කරන්න

පාසල් දරුවන් හරිත සංකල්ප කේන්ද්‍රීය තිරසර සංවර්ධන වැඩපිළිවෙළකට යොමුවිය යුතු අතරම අප ගැන මෙන්ම නුපන් පරපුර ගැනත් සිතා කටයුතු කල යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ කළුතර පානදුර උපාද්‍යාය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 382 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

තොරතුරු තාක්ෂණයට සහ පරිගණක විද්‍යාවට යොමුවන ලෙසත් ලෝක⁣යේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ තිරසර ප්‍රතිපත්ති නිසා ඒවාද හැදැරිය යුතු බව හෙතෙම කියා සිටියා.

සෑම විටම දිගුකාලීන ව සිතිය යුතු බවත් රටේ සංවර්ධනය, රටේ අනාගතය ගැන සිතිය යුතු බව විපක්ෂනායකවරයා අනාවරණය කලා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *