“වත්මන් රජයට රටේ මන්දපෝෂණය තුරන් කරන්න බැරි වුණා”

ජනාධිපතිගේ අරමුදලට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් වුණා තිබුණ ද රටේ මන්දපෝෂණය තුරන් කරන්න රජයට මුදල් වෙන් කරන්න බැරි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා අද (04) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය වැඩි වෙමින් පවතින බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ 2022 දත්ත අනුව ළදරුවන් සහ අවුරුදු 2 දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටි භාවය වැඩිව ඇති බවය.

එමෙන්ම අර්බුධයෙන් පසු අධ්‍යයනයකින් හෙළි වී ඇති ආකාරයට නිවාසවලින් 1/4ක් පමණ මධ්‍යස්ථ මට්ටමින් ආහාර අනාරක්ෂිතභාවයක පවතින බව ඔහු කියා සිටියා.

වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර මිටි බව 10.3%ක වර්ධනයක් ඇති බවත් එය පෙර වසරට වඩා 9.2% වර්ධනයක් බවත් 2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණය අනුව 5-18 අතර 37.4%ක් හා 10-17 අතර ළමුන්ගෙන් 1/3ක් මිටි, කෘෂ හෝ අධික බර හෝ තරබාරුකම ඇති බවත් ප්‍රධාන පෝෂණ ගැටලු රාශියක් ඇති බවත් මෙය බරපතල බවත් මෙවැනි තත්ත්වයක් උඩ රජයට පෝෂණ ප්‍රතිපත්තියක් නොමැති බව ඔහු පවසා සිටියා.

මෙම ඉලක්ක සම්පූර්ණ කරන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒවා අධීක්ෂණය කරන්න පවා ක්‍රමයක් තිබිය යුතු වුවත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නොමැති බවත් මේ හේතුව නිසා පාසල්වල දිවා ආහාරය ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයාගේ අරමුදලට කෝටි ගණන් මුදල් වෙන් කරන්න පෙර මේ සඳහා මුදල් වෙන් කළ යුතු බවත් ඒ කිසිවක් නොමැතිව ජනාධිපතිගේ සුඛවිහරණය උදෙසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කිරීම අනුමත කළ නොහැකි බවත් මේ නිසා පාසල් දරුවන්, දරු පරපුර විනාශ වන බව ඔහු අනාවරණ කර සිටියා.

විවිධ සංතෝසම් ලබා දීමට, මන්ත්‍රීවරු බා ගන්න මුදල් ඇති නමුත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සඳහා මුදල් නොමැති බව විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම රජයෙන් මේවාට විසඳුම් නොමැති බවත් මේ වන විට මාස්පතා හෝ මහපොළ නොලැබෙන බවත් අවම වශයෙන් මහපොළ 10000ක් වත් විය යුතු බවත් පාසලේ සිට සරසවි සිසුවා දක්වා මෙහි බලපෑම ප්‍රබල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *