වතුකම් කරු ප්‍රශ්න

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් 21 ක් විසින් ගොනුකර තිබෙන පෙත්සම කරුණු සලකා බැලීම සඳහා මේ මස 31 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (29) නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ සෝභිත රාජකරණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු මඬුල්ල නියෝග කළේ මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම් මේ මස 31 වනද සිදු කරන ලෙසයි.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

එහි වග උත්තරකරුවන් ලෙස කම්කරු ඇමැති මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු 52 ක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර වැවිලි සමාගම් ප්‍රකාශ කරන්නේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වශයෙන් 1350ක් සහ රුපියල් 300ක් දීමනාවක් මෙන්ම තවත් රුපියල් 80ක දීමනාවක් අවම වැටුප වශයෙන් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

මීට අදාළව ඉකුත් දා පැවති මැයි දින රැලිවලදීද දේශපාලකයන් විසින් අදහස් පළ කර තිබූ බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

පෙත්සන්කරුවන් කියා සිටින්නේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තුළින් ස්වාභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවයි.

මෙය සම්පූර්ණයෙන්ම අතනෝමතික ආකාරයෙන් ගත් තීරණයක් බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වැවිලි සමාගම් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර වැවිලි සමාගම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටි අතර වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ පෙනී සිටියේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *