වතුයායේ නිවාස පෙලක ගින්නකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යටියන්තොට පනාවත්ත වතු යායේ නිවාස පෙලක අද අළුයම 2.00ට පමණ සිදුවූ ගිනි ගැනීමකින් ලැයිම් කාමර පහක් ගිනිගෙන ඇති අතර එම ලැයිම් කාමරයක සිටි අඹුසැමි යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවු 60 වන මුක්කන් වීරසිංහම් හා අවු: 50 වන මුත්තයියා ශාන්ති දේවී යන අඹුසැම් යුවලයි.

මෙම යුවලට එක් දියණියක් සිටින අතර ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ද වනවා.

ගින්න සිදුවූ ස්ථානයට අද උදෑසන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද ගොස් තත්ත්වය පිළිබඳව සොයාබලා විපතට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් යටියන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *