වතු කම්කරුවන්ට රුපියල් 1700 ගෙවන්න එකඟ වුණා – ජනපති

වතු කම්කරුවන්ට දෛනිකව ලබා දීමට තීරණය වු රුපියල් 1700ක ගෙවීමට වතු සමාගම් 7ක් එකග වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) අමාත්‍ය ජිවන් තොන්ඩමන් විසින් සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට කම්කරු අමාත්‍යංශය තමා යටතේ ඇති බැවින් අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දී වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්ණය විසදන බවය.

එමෙන්ම එළැඹෙන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *