“වනාඅලියෙකු වෙඩි තබා පොලිසියෙන් ඝාතනය කරයි”

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ බකමූණ දමනයාය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රිය 11.30ට පමණ
බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දමනයාය මංසන්ධියේදී වනා අලියෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු තිස් අටක් පමණ වයස උස අඩි 8ක් පමණ වන අලියෙක් බවයි ඇළහැර වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ

බකමූණ දමනයාය ප්‍රදේශය නිතරම වන අලි තර්ජන එල්ල වෙන ප්‍රදේශයක් එබැවින් එම ප්‍රදේශය ආශ්‍රිතව වනාඅලි ගැටලු දිනපතා වාර්තා වෙනවා

ඊයේ රාත්‍රියෙත් දමන යාය දම්පුර හන්දිය ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව මෙම වනා අලියා වී කෑමට පැමිණ තිබෙනවා
පසුව වන අලියා එළවිම සඳහා
අලි වේඩි පාවිච් කර තිබෙන අතර
අලි වෙඩි දැමීමෙන් අනතුරුව වන අලියා දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ දමන යාය දම්පුර මංසන්ධියට පැමිණ තිබෙනවා

එම අවස්ථාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුන බකමූණ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු රැගත් ත්‍රිරෝද රථය පැමිණ තිබෙනවා
එහිදී වන අලියා එම ත්‍රිරෝද රථයේ සිටින පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇති අතර පසුව මෙම වනාඅලියට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා
එම වන අලියාගේ කන අසල ප්‍රදේශයට වෙඩි කිහිපයක් වැදී ඇති අතර එම ස්ථානයේම වන අලියා මාර්ගය අසල වැටී ඇති අතර එහිදි වනා අලියා ජීවිතක්ෂණ පත් වී තිබෙනවා

උදෑසන අප එම ප්‍රදේශයට ගිය විට
ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම වන අලියා එම ප්‍රදේශයෙ නිතරම සැරිසරන වනා අලියෙක් බවත්
ඔහුගෙන් ප්‍රදේශවාසීන්ට විශාල වශයෙන් හිරිහැරයක් නොමැති බවත්ය තවද මෙම වනාඅලියාගේ එක ඇසක් නොපෙනෙන බවත් ප්‍රදේශවාසීන් පැවසූ අතර වන අලියා ඝාතනය කිරීම සම්බන්ධව බකමූණ පොලිසියට ප්‍රදේශවාසීන් සිද්ධිය සම්බන්ධව විරෝධය පළ කරනු ලැබුවා

ඉන් අනතුරුව වන අලියා පැමිණි නිවසේ
සිද්ධියට මුහුණ දුන්
ශ්‍රී ස්වශක්ති ගොවි සංවිධානයේ හිටපු සභාපති ධම්මරත්න බණ්ඩාර මහතා පැවසුවේ වන අලියා මෙම ප්‍රදේශයට මහත් කරදරයක් බවත්
මීට දින කිහිපයකට ඉහතදීත් මේම ප්‍රදේශයේ කුඹුරු වගා කරපු වගා බිම් වලට පාඩු කරමින් සැරිසරන වනාලිය බවත්ය

වනා අලියා ඔහුගේ පසු පස ද එලවා ඇති අතර
පසුව අලි වෙඩිල්ලක් දැමීමෙන් අනතුරුව දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයට වනා අලියා පිවිස ඇති බවත් එහිදී පොලිස් නිලධාරීන්ද පැමිණ සිටි අතර ඔවුන්ට ද වන අලියා පහරදීමට උත්සාහ කිරීමේදී සිද්ධියක් ඇතිවී ඇති බවද එහිදී පොලිසිය වෙඩි තබා ඇති බවද පැවසුවා

නමුත් මනා අලියාට වෙඩි තබන ආකාරය ඔවුන් නොදැක්ක බවත් සඳහන් කර සිටියා

ස්ථානයට පරීක්ෂණ කිරීම සඳහා ඇලහැර අඩවි වන ආරක්ෂක නිලධාරී පී.ඩී සුනිල් ශාන්ත මහතා
සඳහන් කළේ වන අලියා වෙඩි තබා ඝාතනය කර ඇති බවත් මේ සම්බන්ධව පොලිසියෙන් ගන්නා ක්‍රියාමාර්ගය තමන් නොදන්නා බවත්ය

සිද්ධියේ පරීක්ෂණ සඳහා උදාසන එම ස්ථානයට හබරණ පොලිස් අධිකාරි ්න වරයා සහ බකමූණ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද අදාළ ස්ථානයට පැමිණි අතර සිද්ධිය සම්බන්ධව බකමූණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අද දහවල් පශ්චාත් මන පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ

සිද්ධිය සම්බන්ධව ගිරිතලේ වනජීවීපශු වෛද්‍ය එකේ නිලධාරීන් විසින් පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනා මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි බකමූණ පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *