වසරේ පළමු කාර්තුවේ අපනයන ආදායම සහ ආනයන වියදම ඉහළට

2024 වසරේ පළමු අර්ධය තුළදී අපනයන ආදායම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 6,144 ක් දක්වා 4.7% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ සඳහා ඛනිජ තෙල් නිෂ්පාදිත 115.7% ක්, ආහාරපාන වර්ග හා දුම්කොළ 25.6% ක්, තේ 8.1% ක්, සහ රබර් නිෂ්පාදිත12.6% කින් ආදායම ඉහළ යාම හේතුවී ඇති බවයි මහ බැංකුව වාර්තා කළේ.

එමෙන්ම එම කාලපරිච්ඡේදය තුළ ආනයන වියදමද ඉහළ ගොස් ඇති අතර, එය, 6.4% කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 8,684ක් ලෙස දැක්වෙනවා.

ඊට යන්ත්‍ර සූත්‍ර හා උපකරණ 24% ක්, රෙදිපිළි හා රෙදිපිලි උපාංග 11.2% ක්, ගොඩනැගිලි ද්‍රව්‍ය 22.3% ක් සහ රසායනික නිෂ්පාදිත 20.6% ක් ඇතුළත්.

ඒ අනුව 2024 වසරේ පළමු අර්ධයේදී වෙළඳ හිඟය ඩොලර් මිලියන 2,540 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය වසරේ වෙළඳ හිඟය ලෙස දැක්වුණේ ඩොලර් මිලියන 2,289 ක් පමණයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *