වසර දෙකක් තුළ වෛද්‍යවරු 1,800ක් රට හැර යයි

පසුගිය වසර 2 ක කාලය තුළදී වෛද්‍යවරු 1800කට අධික සංඛ්‍යාවක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 300කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ වෛද්‍යවරුන් මෙරට රදවා ගැනීම සදහා රජය අවශ්‍ය පියවර ගත යුතු බවයි.

එමෙන්ම, හම්බන්තොට මහ රෝහලේ තුන්වැනි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රෝහල් බලධාරීන්ට නොදන්වා විදෙස්ගත වී තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

මීට පෙරද හම්බන්තොට මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්ද රෝහල් බලධාරීන්ට නොදන්වා විදෙස් ගත වී තිබෙනවා.

මේවන විට හම්බන්තොට මහ රෝහලේ සිටින්නේ එක් නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *