වසර 16කට පසු කොදෙව් කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 161 කින් ජයගනිමින්. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 06 කට ලකුණු 275 ක් රැස් කළේ, චමරි අතපත්තුගේ ලකුණු 91 ක අනගි ඉනිමක් සමඟයි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34 යි පන්දු 5 ක් තුළදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

එහිදී සචිනි නිසංසලා කඩුලු 5 ක් දවා ගනු ලැබුවා.

මෙය වසර 16 කට පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් කෙදෙව් කාන්තා කණ්ඩායමට, එරෙහිව ලබා ගත් පූර්ණ තරගාවලි ජය ලෙසයි සැලකෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *