වස විසෙන් ඉදවන කෙසල්

දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, තමන්ට හැකි පමණින් අලුත් අවුරුද්ද සැමරීමට බොහෝ දෙනා මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා.

අවුරුදු කැවිලිවල මිල අහස උසට ගොස් ඇති පසුබිමක පවා කෙසෙල් වැනි පළතුරු අවුරුදු මේසයට එක්කර ගැනීමට ජනතාව අමතක කරන්නේ නැහැ.

ඒ ජනතාවට වෙළෙඳුන් ලබාදෙන්නේ ගුණාත්මක බවින් යුතු ආහාර ද්‍රව්‍ය ද ?

කෝලි කුට්ටු,ආනමාළු,ඇඹුල් ඇතුලු කෙසෙල් වර්ග අලුත් අවුරුදු මේසය සරසන්නට අත්‍යාවශ්‍යම පළතුරක්.

ඒ අනුව අවුරුදු සමයේ කෙසෙල් ඉල්ලුම ද සීඝ්‍ර ලෙස ඉහළ යන අතර වෙනදා පැවති මිල ගණන්වලට සාපේක්ෂව වැඩි මිලක් ද කෙසෙල් සඳහා නියම වන්නේ එවන් පසුබිමක් තුලයි.

ලඟ ලඟ එන අළුත් අවුරුද්ද සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාරිභෝගියන්ට අත්‍යවශ්‍ය වන කෙසෙල් තොග මේ දිනවල පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වෙත ලොරි පිටින් ගෙන එන්නේ මෙලෙසයි.

බැලූ බැල්මටම ඒවා ආහාරයට ගැනීමට සුදුසු පරිදි ඉදුණු කෙසෙල් බවට පත් වීමට නම් තවත් සති ගණනක් ගත වනු ඇති.

නමුත් මෙම අමු කෙසෙල් ලොරි රථයෙන් ගොඩ බෑමත් සමගම ඒවාට විස රසානික යොදා කෘත්‍රිමව ඉදවන බවයි සොයාබැලීමේදී හෙළිවුණේ.

පෑලියගොඩ මැණිං වෙළඳපොළේ තොග වෙළෙඳුන් කෙසෙල් කැන් පිටින් කෘත්‍රිමව ඉදවීම සදහා රසායනික ද්‍රව්‍යවලින් පොඟවන්නේ මෙලෙසයි.

රෝහලක නේවාසික රෝගීන් පිරිසකට කෙසෙල් ලබාදීමට අවශ්‍ය බැවින් ඒ සදහා සුදුසු කෙසෙල් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටි අවස්ථාවේ ද මෙම වෙළෙඳුන් ප්‍රකාශ කලේ රෝගීන්ට ලබාදීමට ඇත්තේ ද රසායනික ද්‍රව්‍ය යෙදු කෙසෙල් පමණක් බවයි.

මෙලෙස රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන කෙසෙල් ශරීර සෞඛ්‍යයට එල්ල කරන්නේ කවරාකාර බලපෑමක්ද?්‍

කෙසෙල් ඉදවීම සදහා සුදුසු වෙනත් ස්වභාවික ක්‍රමවේද ඔනෑතරම් තිබියදී මෙලෙස කූට වෙළදුන් ජනතාවට ප්‍රසිද්ධියේ වස කැවීමට පෙළඹීම කණගාටුවට කරුණක් රටේ ජනතාවට වින කටින මෙවැනි කූට වෙළඳුන් වැටලීමට මහජන බදු මුදලින් වැටුප් ලබන නීතිය ක්‍රියාත්මක කළ හැකි වගකිව යුතු ආයතන රැසක්ම මෙරට ක්‍රියාත්මකයි.

එහෙත්, ඔවුන්ද නෑසූ කන් ව සිටින පසුබිමක ජනතාවට සිදුව ඇත්තේ සුබ නැකතට පවා වස විස පමනක්ම අනුභව කිරීමටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *