වාරණ නියෝග මැද නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් පස්වරුවේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් සහ ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් අද නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල සඳහන් කළා.

ඔහු කියා සිටියේ කොළඹ, ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *