වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රජය විසින් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමත් සමග සංචිත ප්‍රමාණය කළමනාකරණය කරගැනීමට මහ බැංකුවට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක් බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලබන මාසයේදී සම්පූර්ණ කිරීමට හැකි වනු ඇති බව ද ඔහු නන්දලාල් වීරසිංහ පවසනවා.

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර ඇති අතර, ඒ අනුව, නිත්‍ය තැන්පතු අනුපාතිකය 8.5%ක මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.5%ක මට්ටමේ තවදුරටත් පවතිනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *