වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ IMF සැළැස්ම අද ප්‍රකාශයට

වාහන ආනයන සීමා ලිහිල් කිරිම සම්බන්ධයෙන් වන සැළැස්ම අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ඇගයීම් වාර්තාවට අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය වාහන සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කෙරෙනු ඇති.

එමෙන්ම මේ වසරේ සිව්වැනි කාර්තුවේ සිට 2025 වසර දක්වා භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වාහන ආනයනයට අවශ්‍ය පොදු සැලැස්ම නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *