වාහන හෝ සුරාසැල් බලපත්‍රවලට තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු පාවා නොදෙන බව සජිත් කියයි

වාහන හෝ සුරාසැල් බලපත්‍රවලට තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු පාවා නොදෙන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, පදවියේ පැවති වැඩසටහනක් අමතමින්.

අනුරාධපුර – පදවිය පරාක්‍රම මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පංති කාමරයක් ලබාදීම වෙනුවෙන් මේ උත්සවය පැවැත්වුණා.

ඒ, විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වළ වැඩසටහනේ 189 වැනි අදියර ලෙසින්.

නව නිපැයුමක් කළ සිසුවියකට මෙහිදී මුදල් පරිත්‍යාගයක් කළ විපක්ෂ නායකවරයා, විද්‍යාලයීය නර්තන කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළා.

මේ අතර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක , එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ නුවරඑළිය ආසන සංවිධායකවරයා වශයෙන් පත්කර තිබෙනවා.

මයන්ත දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනයෙන් ඉවත් වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමක් අනුවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *