වාහන 51ක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51 ක් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කල ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2015 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ නීති විරෝධී ලෙස වාහන 51 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම පවසනවා.

ඊට අදාලව අදාල වාහන වෙනත් පැවරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *