වැඩිම වැස්ස කොළඹට

ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහි අගය දැක්වුණේ මිලිමීටර් 162යි දශම 5ක් ලෙසයි. ඊයේ පෙරවරු 8යි 30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිටට මිලිමීටර් 112යි දශම 5ක වර්ෂාපතනය් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111යි දශම 5ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නෙළුව ප්‍රදේශයට මිලිමීටර් 109ක වර්ෂාපතනයක් ඇතිව තිබෙනවා.

මේ අතර අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව බස්නාහිර, සබගරමුව සහ වයඹ පලාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *