වැලිකඩින් අයිස් මතු වෙයි?

වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ යෙසි සිටි නිලධාරියෙකු සන්තකයේ අයිස් යැයි සැක කල හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් අත්අඩංගුවට…

2024.07.31 දින වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී නියුතු නිලධාරීයෙකු වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර ඇත.

නිලධාරියා පැලදසිටි රාජකාරී පාවහන් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ *අයිස් යැයි සැකකල හැකි පැකට් කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා වසර 20ක පමණ සේවා කාලයක් ඇති නිලධාරියෙකු වන අතර, ඉදිරි නෛතික කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත යොමු කර ඇති අතර නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇත.

ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *