වැලිකඩ වැඩිහිටි දහම් පාසලේ රැඳවියන් 11ක් දහම් පාසල් අවසාන විභාගය විශිෂ්ඨ ලෙස ජයගනී…

සමාජයේ විෂමාචාරී හා නීති විරෝධි ක්‍රියාකාරකම් හේතුවෙන් නොයෙකුත් සිර දඩුවම් හා චෝදනා ලැබ බන්ධනාගාරගත වන රැදවියන් විධිමත් පුනරුත්ථාපන වැඩපිළිවෙලක් තුළින් මානව හිතවාදී පුරවැසියන් ලෙස නැවත සමාජගත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණයි.

එම පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් එක් සන්ධිස්ථානයක් සාක්ෂාත් කර ගනිමින් 2023 වසරේ රජයේ විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැති බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර තරඟ විභාගයෙන් වැලිකඩ සුචරිතෝදය වැඩිහිටි දහම් පාසලේ ‍රැඳවියන් 12 දෙනෙකු අතරින්, 11 දෙනෙකු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්පත් කර දෙමින් විශිෂ්ඨ ලෙස සමත් වී ඇත.

මෙසේ තරඟ විභාගය සඳහා පෙනී සිට සමත් වූ සමස්ථ රැඳවියන් 11දෙනෙකු අතරින් 5 දෙනෙකුම මරණීය දණ්ඩනය හිමි රැඳවියන් වීම මෙහි විශේෂත්වය වේ.

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *