වැස්ස නිසා අතහැර දැමූ තරගය

20යි 20 ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ (04) පැවති එංගලන්ත සහ ස්කොට්ලන්ත අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර සංඛ්‍යාව 10කට සීමා කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 10 අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 90ක් රැස් කළා.

එහෙත් එංගලන්තයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ යලි පිටියට වර්ෂාව ඇද හැලීමත් සමගයි.

ඒ අනුව තරගය අතහැර දැමීමට තරග තීරකවරුන් තීරණය කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *