වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (11) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව පවසන්නේ.

එමෙන්ම අද බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *