වැසි තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම ස දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

මේ අතර, කළු ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කුරුවිට, අයගම, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *