වෑන් රථයක් අඩි 70 ක ප්‍රපාතයකට පෙරළෙයි

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් තරුණයින් අට දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
මාතර සිට නුවරඑළිය දක්වා යමින් සිටි තරුණයින් පිරිසක් රැගත් වෑන් රථයක් අනතුරට ලක්විය.
අද (10) අලුයම 5:00 ට පමණ නානුඔය වටරවුමේ ඩෙස්පොඩ් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවිය.
තුවාලකරුවන් රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ.
වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුවී ඇති බවත්, අනතුර හේතුවෙන් වෑන් රථයට දැඩි හානි සිදුවී ඇති බවත් නානුඔය පොලිසිය පැවසීය.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *