විජයදාසට, කීර්තිට හා ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් වූ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂට, එම පක්ෂයේ නව ලේකම්වරයා ලෙස පත් වූ නීතිඥ කීර්ති උඩවත්තට සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීම් වලක්වමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉන්ජංෂන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විධායක කාරක සභිකයන් දෙදෙනෙක් වන ඉසුරු අබේවර්ධන, සුමිත් විජයමුණු ද සොයිසා යන දෙදෙනා විධායක කාරක සභිකයින් විසිදෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් මෙම නඩුව පවරා තිබුණා.

නඩුවේ පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ රසික දිසානායක, ජනාධිපති නීතිඥ වික්‍රම් මොහොමඩ්, කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම වාරණය පනවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *