විජේවීර ඝාතනයේ යුක්තිය ඉල්ලා පෙරටුගාමීන් ජනපතිට ලියයි

1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇති ජනතා විමුක්ති පෙරමුණේ දිවිපිදූවන්ගේ විරු සමරුවට පෙර, ජීවිත අහිමි වූ රෝහණ විජේවීර ඇතුළු පිරිසට උපහාර දක්වමින්, එකල “රාජ්‍ය ත්‍රස්තවාදය” භාවිත කරමින් සිදුකරන ලද පැහැරගැනීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ නීතිවිරෝධී ඝාතන පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කරන ලෙසටයි.

කොමිෂන් සභා සහ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය හරහා පසුගිය ආණ්ඩු විවිධ පියවර ගෙන ඇති නමුත්, මෙම අපරාධ සම්බන්ධයෙන් කිසිදු යුක්තියක් ඉටුනොවූ බවද ඔවුන් එම ලිබියෙන් පෙන්වා දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *