විද්‍යුත් වීසා සැපයුම් ක්‍රමවේදයට අධිකරණයෙන් අතුරු තහනමක්

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එසේම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝග නිකුත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *