විදුලිසැර වැදී සිසුවියක් ජීවිතක්ෂයට

විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී විදුලිසැර වැදී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අවුරුදු 17ක සිසුවියක්.

ඇය රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඇගේ මව විදෙස් ගතව සිටින අතර ඇය සිය මිත්තණිය සහ නැගණිය සමග නිවසේ වාසය කරමින් සිට තිබෙනවා.

සිසුවියගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 වසරේ දෙසැම්බර් පළමුවැනි දින අබිරහස් ලෙස මියගොස් තිබූ අතර ඔහුගේ දේහය 2024 ජනවාරි 01 වෙනිදින මෙරටට එවීමෙන් අනතුරුව ඒ වන විට විදේශගතව සිටි මවද මෙරටට පැමිණ අවමංගල කටයුතු නිමවීමෙන් අනතුරුව යළි සෞදි අරාබියේ රැකියාව සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පිටත්ව ගොස් තිබූ බව‍යි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී දැරිය සහ ඇගේ මිත්තණිය පමණක් නිවසේ සිට ඇති අතර මිත්තණිය අසනීප තත්ත්වය නිසා යාබද කාමරේ නින්දේ පසුවී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *