සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතියේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද දින ජනාධිපතිවරයාට සංදේශයක් බාර දීමට පැමිණියා
ඔහු අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් ප්රසාද දීමනා ඉල්ලනවා
අපි කියන්නේ ඊට කලින් ජනතාවට සහන දිය යුතුයි පසුගිය වසර තුනට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 200 කට අධික ලාභයක් උපයලා තිබෙනවා
ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශයේ සහ මැතිවරණ වේදිකාවේ කිව්වා විදුලිබීල සීයට තිහකින් අඩු කරනවා කියලා
දැන් එහෙනම් නිහඬව ඉන්න බෑ වහාම සීයට තිහකින් විදුලි බිල අඩු කළ යුතුයි එහෙම නැත්නම් මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි
ජනාධිපතිගේ පුද්ගලික ලේකම්වරයාට අපි සියලු කාරණා සඳහන් කරා ඔහු පොරොන්දු වුණා ජනාධිපතිවරයා දැනුවත් කරන්නත් ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම සමග සාකච්ඡා කරන්නත්
වසන්ත සමරසිංහ කියනවා අවුරුදු තුනකින් තමයි විදුලි බිල සංශෝධනය කරන්න පුළුවන් කියලා වෙළඳ ඇමති හැටියට ඔහුට එහෙම කියන්න බැහැ
පසුගිය කාලයේ වෘත්තිය සමිති හැටියට මේ අය කතා කළේ කොහොමද දැන් කියන්නේ කොහොමද
වසන්ත සමරසිංහ ජනාධිපතිවරයාව හෑල්ලූවට ලක් කරනවා ජනාධිපතිවරයා සීයට තිහකින් විදුලි බිල අඩු කරන්න මැතිවරණයට පොරොන්දු වුණා
ජලාශ පිරිලා රුපියල් බිලියන ගණන් සියයට තුන්සියයකින් විදුලි බිල වැඩි කරලා ජනතාවගෙන් අය කරගෙන තිබෙනවා
වහාම විදුලිබිලේ සහනය ජනතාවට ලබාදීමට මේ ආණ්ඩුව කටයුතු කළ යුතුයි අද දින අපි ඒ පිළිබඳව දැනුවත් කරා