විදුලි බිල අඩු වෙයි?

විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය ඉදිරි සති 2 ඇතුළත ලබා දුනහොත් ජුලි මස මැදවන විට ගාස්තු අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ මැයි මස 1 වනදා වන විට විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පසුගිය 27 වනදා සිට යළි සති 2ක කාලයක් ඒ සඳහා ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනාවලිය ලැබුණු පසු මහජන අදහස් විමසීමෙන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමට හැකි වනු ඇති බව උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කොළඹ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළේ සියයට 10ත් 20 ත් අතර ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කළ යුතු බවයි.

රාජාංගනය, ගලෙන්බිදුණු වැව ආදී ප්‍රදේශවල ජනතාව ඊයේ රාත්‍රියේ පන්දම් දල්වමින් තඹුත්තේගමදී විරෝධතාවක නිරත වුණා.

ඒ, පවුල් 900 කට පමණ 2020 වසරේ සිට ඉතා අධික විදුලි බිලක් ලැබෙන බව පවසමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *