විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ යකාවැව ප්‍රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වන සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි කම්බියක ගැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *