විදුලි සේවකයෙකු විදුලි රැහැන් කණුවට බිලි වෙයි

විදුලි බල මණ්ඩලයේ ලොරි රථයකින් විදුලි රැහැන් කණු ඉවතට ගනිමින් සිටියදී කණුවක් ඇගට වැටීමෙන් එහි සේවකයෙකු මියගොස් තිබෙනවා.

හඟුරන්කෙත මැදගම ප්‍රදේශයේදී මේ අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

විදුලි රැහැන් කණුව ඇඟට වැටීමෙන් බරපතල තුවාල ලැබූ සේවකයා පල්ලේබෝවල රෝහලට ඇතුළත් කර තිබුණා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමේදී මොහු මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

මිය ගිය සේවකයා 23 හැවිරිදි අඹගමුව, උඩබුලත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කොන්ත්‍රාත් පදනමින් සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *