විදෙස්ගත ශ්‍රමිකයන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩ නගන බව ජනාධිපති කියයි

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩ නගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක උළෙලට ඊයේ (21) එක්වෙමින්.

විගමනික ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයීම සඳහා සංවිධාන කෙරුණු “විගමනික හරසර” වැඩසටහන වයඹ පළාතෙන් ආරම්භ කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ විගමනික ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *