විදේශිය නම් වලින් එන දේශීය ආටා පිටි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විදේශිය වෙළෙඳනාමයක් සහිතව දේශියව සකස් කර වෙළෙඳපළෙහි අලෙවි වන ආටා පිටි සම්බන්ධව 2024.11.19 දින වැටලීමක් සිදුකර ඇත.

පිට කොටුව, වේල්ල වීදිය සහ කොළඹ 13 ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදු කරන ලද එම වැටලීම් 2කදී ව්‍යාජ ලෙස සකස් කර වෙළෙඳපලට නිකුත් කර තිබූ කිලෝග්‍රෑමයේ ඇසුරුම් 209ක් පමණ අධිකාරියේ නිලධාරීන් විසින් තම භාරයට ගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතී.

එමෙන්ම එළඹෙන උත්සව සමය වෙනුවෙන් මෙවැනිම ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳසැල් වලට නිකුත් කරනු ලබන සහ අලෙවිකරනු ලබන ලබන වෙළෙදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 397

Leave A Reply

Your email address will not be published. Required fields are marked *