විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්

සෞඛ්‍ය අමාත්‍යාශංයට අයත් වාහන 679ක් අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ වගකිවයුත්තන් තම රජයක් යටතේ නීතිය හමුවට ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක් වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ජාතික විගණන කාර්යාලයේ තොරතුරුවලට අනුව මෙම වාහන අතුරුදන් වීම වාර්තා වී ඇති බවයි.

සක්වළ වැඩසටහනේ 157 වැනි අදියර යටතේ හම්බන්තොට කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *