විපක්ෂ නායකවරයාගෙන් තවත් හෙළිදරව්වක්

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින්, බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් ප්‍රජා උපදේශක කමිටු පත් කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ පළාත් පාලන බල ප්‍රදේශ 341ට රුපියල් මිලියන 3410ක් වැය කෙරෙන අදාළ වැඩසටහනට එරෙහිව නීත්‍යනුකූලව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වළ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ ලබාදීමේ වැඩ සටහනට එක්වෙමින්.

මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා විසින් පරිත්‍යාග කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *