විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මාධ්‍ය හමුව

උසස් පෙළ විභාගයට මේ සඳුදා සිට දෙසැම්බර් 20 දක්වා දින 22
අයදුම්කරුවන් 333185 පෙනී සිටිනව.
පාසැල් අයදුම්කරුවන් 253390
පෞද්ගලික අයදුම්කරුවන් 79795
විභාග මධ්‍යස්ථාන 2312 ක
උතුරෙ 2 තියනව

සියළු කාර්ය මණ්ඩලය 25000 පමණ
ලිපිද්‍රව්‍ය සෑම මධ්‍යස්ථානයකටම යව්ව
ප්‍රශ්නපත්‍ර අද යවනව

සියළු ආයතන සම්බන්ධව පොලිස් ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වෙන්නෙ. විභාගය සඳහා සියල්ල සූදානමින්

ප්‍රවේශ පත්‍ර බාගත කරගැනීමටද අවස්ථාව ලබාදීල තියෙනව. තවම ලැබිල නැත්නම් කලබල වෙන්න එපා. නිවැරදි අයදුම්පත්‍රයක් එවල තියනවනං අපේ වෙබ් අඩවියට ඇවිල්ල ප්‍රවේශපත්‍ර බාගත කරගන්න පුළුවන්.

පාසැල් අපේක්ෂකයන් පාසල මගින් ඒවා ලබාගත යුතුයි. ප්‍රවේශපත්‍ර ලැබුණුපසු හොඳින් පරීක්ෂා කරල තොරතුරු නිවැරදිද බලන්න. කාලසටහන තමන් ලඟ රඳවාගන්න.

පසුගිය අවුරුදු වල විභාග කාලසටහන වැරදි වෙබ් අඩවි වලින් බලල වැරදි වෙලාවට ඇවිල්ල තියෙනව. ඔබේ කාලසටහන නිවැරදිව බලන්න. වැරදි තැන් වලින් බලන්නෙ නැතුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බලන්න. වැඩිහිටියො මේ ගැන බලන්න. විභාගයෙන් පසුව විභාගයට ඇවිත් තියෙනව.

පසුපිටෙහි අත්සන තහවුරු කරගන්න තියෙන තැන සුදුසුකම් ඇකි කෙනෙක්ගෙන් සහතික කරගන්න. ප්‍රතිඵල තහවුරුකරගන්න වෙනව විභාගයෙන් පස්සෙ. අනන්‍යතා පත්‍රයක් අරන් යන්න. ජාතික හැඳුනුම්පත නැත්නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහතික කල එකත් වලංගුයි. 25 බොහෝ සිසුන් විභාගයට යාමට නියමිතයි. විභාග මධ්‍යස්ථානය හොඳින් වේලාසන හඳුනාගෙන ප්‍රවාහනය පිලිබඳවත් නිසියාකාරව දැනුවත් වෙන්න. විභාග ශාලාව හඳුනාගන්න. කල් ඇතුව විභාග මධ්‍යස්ථානයට යන්න. සිකුරාදා දින පමණක් හවස් වරුවෙ විභාගය පස්වරු 2 අනික් දිනවල පස්වරු 1 ට පටන් ගන්නව.

විභාගයට පිලිතුරු ලිවීමේදී හරියාකාරව විභාග අංකය ලියන්න.
විභාගයට රැගෙන යාහැක්කේ පිලිතුරු ලිවීමට අවශ්‍යදේවල් සහ හැඳුනුම්පත, ප්‍රවේශපත්‍රය
ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපාංග ගෙනියන්න බැහැ. අහුවුණොත් වසර 5 කට විභාග තහනම්. අත්ඔරලෝසුවල වෙලාව හරියට හදාගන්න. ස්මාර්ට් අත් ඔරලෝසු තහනම්.
ගණක යන්ත්‍ර භාවිත කරන්න පුළුවන් විෂයන් කිහිපයකට පමණයි. වැඩසටහන් සම්පාදනය කල නොහැකි ගණක යන්ත්‍ර විතරයි ගෙනියන්න පුළුවන්.

විනාඩි 10ක අමතර කාලයක් ලබාදෙනව ප්‍රශ්න තෝරාගන්න. පිලිතුරු පත්‍ර නිවැරදිව භාරදෙන්න. හඳුනාගතහැකි වෙනත් සලකුණු තබන්න තහනම් උත්තර පත්‍රයේ. විභාග වංදාවලට යොමුවෙන්න එපා. විශාල අධීක්ෂණ කණ්ඩායමක් යොදවල තියෙනව.

ආපදා තත්වයක් ඇතිවුණොත් ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන එක්ව ක්‍රියාකරන්න කටයුතු කරල තියෙනව. අපේක්ෂකයන්ට ආපදා නිසා යන්න බැරිවුණොත් වෙනත් මධ්‍යස්ථානයකට යොමුකරනව. කාලගුණ වාර්තාව අනුව අව පීඩනයක් තියෙනව. ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒ සඳහා ක්‍රියාකිරීමට ජාලයක් සකස්කරල තියෙනව. කාලගුණය සමඟ
යම්කිසි වෙනසක් වෙනවනං මාධ්‍ය මගින් දැනුවත් කරනව.

මෙවර විභාගයේදී කාර්යමණ්ඩලයට ජංගම දුරකථන භාවිතාව තහනම්. ශාලාධිපතිට පමණයි ජංගම දුරකථන අරන්යන්න පුළුවන්. ප්‍රතිඵල මාස 4කට අඩුකාලයකින් නිකුත්කරන්න බලාපොරොත්තුවෙනව.
පිලිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු ඉහළදැම්ම.
විභාග ප්‍රශ්නපත්‍ර පිටවීමට ඇති ඉඩකඩ අහුරණව.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අධිකරණ තීන්දුවක් ලබාදීල තියෙනව. එය අවසන්වූ පසු ප්‍රතිඵල ලබාදෙනව.

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *