විභාග දෙපාර්තමේන්තුව දෙකට කැඩීමේ තීරණයක්

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට වෙන් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එහි දී එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමටත්, අනෙක් අංශය පාසල් විභාග හැර අනෙක් විභාග සඳහා වෙන් කිරීමටත් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

පාසල් විභාග හැරුණු විට අනෙක් විභාග සියයකට ආසන්න සංඛ්‍යාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන බව සඳහන් කළ ජනාධිපතිවරයා අවධාරණය කළේ, රජයේ විභාග සඳහා වෙන ම අංශයක් නිර්මාණය කරන බවයි.

මේ අතර 2025 හෝ 2026 සිට උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ, “මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18 දී. 21 දී එළියට ආවා. අද ඇතුළු වෙන්නේ 21 දී. මම දැන් සාකච්ඡා කරගෙන යනවා 2025 හෝ 2026 සිට නීතියක් පනවමු දෙසැම්බර් මාසයේ මේ විභාගය තියන්න ඕනේ. මේ මාසයේ ඒ අයව විශ්වවිද්‍යාලයට ඇතුළු කළ යුතුයි කියලා. ඒක කැඩුවොත් දඬුවම් කරන විදියට කරන්න.” යනුවෙන්.

ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *