විමලවීර දේශපාලනයෙන් සමුගන්නා දවස කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තවත් මාස හතරකින් දේශපාලනයෙන් තමා සමු ගන්නා බව ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, අරගල සමයේ ගින්නෙන් විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ නව නිවස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ, “මම තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා. බැස යන තරුවක්. බොහෝ විට මන්ත්‍රීකම නැති වුණාම.. දැනුත් ටිකක් ඒ වගේ… සමහර වෙලාවට නෝනා මහත්තයත් කියන්න පටන් ගන්නවා ඔහේ මොනා ද අපිට කරේ කියලා.. දරුවො දෙන්නා කියනවා තාත්තා බම්භ් ගැහුවා අපිට කියලා. ජනතාව දැනු වුණත් කියන්නෙ ඕකා බුලත්විට කෑවා මිසක් අපිට මොනාද කරේ කියලා.. කා හපයා කියලා ගේ කුඩු කරලා දැම්මා.. ඒ වෙන කවුරුත් නොවෙයි සුන්දර සුකුමල ඡන්ද දායකයා.”

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වී සිටි අතර, දිසානායක මන්ත්‍රීවරයා එහි දී සභාව අමතමින් හිටපු ජනාධිපතිවරයාට පැවසුවේ, “දැං සර්.. සර්ට ඔහොම කියනවා නම්, මයිනා මරව් කියලා.. මං ගැන ආය මොනවා අහන්න ද? ඒ ගේ කුඩු කරලා කිව්වා විමලවීරයා හොරකම් කරලා හදපු ගේ කියලා.. ගේ කුඩු කරපුවම අපේ රජයෙන් මට විශාල මුදලක් දුන්නා ගේ හදා ගන්න. රුපියල් 143,000ක්.. මම ඒකෙන් ජනේලයක් රෙපෙයාර් කර ගත්තා.” යනුවෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *