විරෝධතා මැද පාර්ලිමේන්තුවට එන විදුලි බල පනත් කෙටුම්පත

ආණ්ඩුව ඉදිරිපත් කළ නව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන පිළිගනිමින් පනත් කෙටුම්පත හෙට දිනයේ සම්මත කර ගැනීමට පියවර ගන්නා බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කංචන විජේසේකර පවසනවා.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ නව විදුලිබල කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශේෂ්ඨාධිකරණය නිගමනය කර ඇතැයි කථානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එහි වගන්ති රැසක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත විය යුතු අතර එක් වගන්තියක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණේ.

එවන් පසුබිමක යෝජිත නව විදුලි පනත් කෙටුම්පතට විරෝධය පා, බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේදී අද සර්ව ජන බලය දේශපාලන එකමුතුව උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා.

සිවිල් සංවිධාන නියෝජිතයින් ද බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේදී නව විදුලි පනත් කෙටුම්පතට විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, එම ස්ථානයට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැමිණීමත් සමග උණුසුම් තත්වයක් ඇති වුණා.

මේ අතර ලංකා විදුලි සේවක සංගමය ද නව විදුලි පනතට විරෝධය පළ කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *