විශ්‍රාමිකයන්ගේ අයිතීන් සුරකිනවා

මෙරට විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට තමන් පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික නියෝජිත පිරිසක් විපක්ෂ නායකවරයා සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් හේමන්ත විජයතිලක සහ සභාපතිකුමාර කරුණාරත්න එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ විපක්ෂ නායකවරයාට තම ගැටලුව සම්බන්ධයෙන් පුලුල් අවබෝධයක් ඇති බවයි.

මේ අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ චන්ද්‍රරත්න පල්ලේම ද සමගි ජනගබල එක්වූ අතර, ඔහු කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *