විශේෂ නිවේදනය…..!

සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරුන්.

සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන්.

සියලු වරාය මෙහෙයුම් ස්ථාන භාර නිලධාරීන්.

දිවයිනට දකුණු දෙසින් ඇති සාගර කලාපයේ ඇති අවදානම් කාලගුණික තත්වය හේතුවෙන් වෙරළාසන්න කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්වීම නවතා දැමීම.

ඒ අනුව 2024/05/19 ( ඉරිදා) දින දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි මන්නාරම දිස්ත්‍රික්කයද ඇතුළුව මන්නාරම සිට පුත්තලම, හලාවත මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න වරායන් සහ තොටුපළවල් වෙතින් ක්‍රියාත්මක සියලූම වෙරළාසන්නයේ ක්‍රියාත්මක (NTRB,NBSB,MTRB, OFRP, සහ IDAY ) ධීවර යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසට එම යාත්‍රාවල සියලු යාත්‍රා හිමිකරුවන් සහ නියමුවන් දැනුවත් කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරුන් විසින් කඩිනමින් මේ පිළිබඳව තම දිස්ත්‍රික්කයේ සියලු කොට්ඨාශ නිලධාරීන් හරහා සුදුසු වැඩ පිළිවෙළක් මගින් ධීවර ප්‍රජාව දැනුවත් කොට හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව ඇතිවීමට නියමිත ඉතා අවදානම්කාරී මුහුදු රළ ඉහළ යාමේ තත්ත්වය පිළිබඳව අවබෝධ කොට ක්‍රියාමාර්ග ගන්නා මෙන් මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

සහකාර අධ්‍යක්ෂක (අන්තර්ජාතික ධීවර කටයුතු)
අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ උපදෙස් පරිදි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *