විස්සයි විස්ස ලෝක කුසලානයට එන දකුණු අප්‍රිකා සංචිතය මෙන්න

එළඹෙන ජුනි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගෙන ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒඩන් මක්‍රම්ට හිමිව ඇති අතර ඔහු නායකත්වයට පත් වීමෙන් අනතුරුව මුහුණ දෙන පළමු ICC ඉසව්ව බවට විස්සයි විස්ස ලෝක කුසලානය පත් වනවා.

එම සංචිතය සඳහා ක්‍රීඩකයන් ඇතුලත් කිරීමේ දී දකුණු අප්‍රිකාවේ මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් මෑතක දී බැහැර කරන ලද ඇන්රිච් නොකියා සහ ක්වින්ටන් ඩි කොක් ද ඇතුලත් කිරීම කැපී පෙනෙනවා.

නොකියා කොන්දේ ආබාධයක් හේතුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින අතර, ක්වින්ටන් ඩී කොක් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළා.

මෙම සුපිරි ක්‍රීඩකයන්ගෙන් සුසැදි දකුණු අප්‍රිකානු සංචිතය ලෙස නම් කර ඇති ක්‍රීඩකයන් වන්නේ, ඒඩන් මක්‍රම් (නායක), ජෙරාඩ් කොයෙට්සි, ක්වින්ටන් ඩී කොක්, බියෝන් ෆෝචූඅන් (Bjorn Fortuin), රීසා හෙන්ඩ්‍රික්ස්, මාකෝ යැන්සන්, හෙන්රික් ක්ලාසන්, කේෂ්ව් මහරාජ්, ඩේවිඩ් මිලර්, ඇන්රිච් නොකියා (Anrich Nortje), කගීසෝ රබාඩා, ටැබර‍යිස් ශම්සි, රයන් රිකල්ටන්සි (Ryan Rickeltonsi), ට්‍රිස්ටන් ස්ටබ්ස් යන අයයි.

මේ අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත්තේ නන්ඩ්‍රේ බර්ගර් සහ ලුන්ගි නිගිඩි යන ක්‍රීඩකයන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *