වෙඩි කාපු ඌරො වගේ, වෘත්තීය සමිති මර්දනය කරන්න ගිහිල්ලා ජනාධිපතිතුමා ලොකුවට වරද්දගන්නවා..

සෞඛ්‍ය සේවාවේ සහ අධ්‍යාපන සේවාවේ වෘත්තිය සමිති මර්දනය කරන්න නීති හදන්න කියලා විජයදාස රාජපක්ෂට කියන්න හදිසි වෙච්ච ජනාධිපතිතුමාට තාම බැරි වුණා දුසිමක් විතර හිරේ ගිහිල්ලා, හොරකම් කරනවා කියලා ඔප්පු වෙච්ච සෞඛ්‍ය සේවාවේ හොරකම් නවත්තන්න නීතියක් හදන්න කියලා විජයදාස රාජපක්ෂට කියන්න.

ජනාධිපතිතුමා උත්සාහ කරනවා මම ජේආර් වගේ කියලා පෙන්නලා වෘත්තීය සමිති බය කරන්න. ඒක අපි දකින්නේ හරියට වෙසක් කාලෙට පොඩි ළමයි තොරන් ඉස්සරහා යකුන්ගේ වෙස් මුහුණු දාගන්නවා වගේ. ජනාධිපතිතුමාට ඊට වඩා ගොඩක් ලේසියි අඩුම තරමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට මේ රටේ පරිපාලන යාන්ත්‍රණයේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය ඇතුළෙ හැදෙන වෘත්තීය ගැටලු විසඳන්න මැදිහත්කරුවෝ කීපදෙනෙක් යොදවන එක.

සෞඛ්‍යයයි අධ්‍යාපනයයි මර්ධනය කරන්න නීති හදන්න කියලා ජනාධිපතිතුමා කියනකොට, ජාතික ජන බලවේගය ලාල්කාන්ත සහෝදරයත් කියනවා සෞඛ්‍යයි අධ්‍යාපනයයි වර්ජනය කරන එක වැරදියි කියලා. අපි දන්නෑ එතුමා ඒක කිව්වෙ ඇයි කියලා. හැබැයි එතුමාට වගකීමක් තියෙනවා තියෙනවා තව පෝය දෙක තුනකින් ආණ්ඩුවක් පිහිටවන්න යන අය විදිහට, සෞඛ්‍යයෙහි අධ්‍යාපනයේ වැඩ කරන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි කරන්න.

සෞඛ්‍ය සේවාවට ආර්ථික යුක්තිය ඉටු කරන්න දීපු තාක්ෂණික වාර්තාව ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තා. ඒකෙ එක කොටසක් සම්පූර්ණ කරා ඒත් සේවාවන් රැසක් අතපසු කරලා තියෙනවා. ඒකට අපිට උත්තරයක් තාම නෑ. ඒකෙ දෙවැනි කොටස සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් සුමාන තුනකින් දෙනවා කිව්වා. දැන් මාස තුනක් පහුවෙලා. එතකොට එහෙම පොරොන්දු කඩ කරනකොට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ වෘත්තිය සමිති වලට එරෙහිව ද, පොරොන්දු කඩ කරපු අයට එරෙහිව ද කියන එක අපි අහනවා.

ඒ හින්දා මොන ආණ්ඩුව ආවත් අපි ඉල්ලන්නේ මේ රටේ තියෙන්නේ පාලකයන්ගේ ප්‍රශ්නයක් නම්, පාලකයෝ දෙන පොරොන්දු කඩ කරනකොට ඒකට එරෙහිව මහජනතාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නීතියක් ගේන්න කියලා. එහෙම නැතුව සාධාරණ ප්‍රශ්නවලට එළියට බහින වෘත්තිය සමිති මර්දනය කරලා, කවුරුහරි හිතනවනම් බලය රැක ගන්න තියෙන හොඳම ක්‍රමය ඒක කියලා අවුරුදු පහකට සැරයක් එන දේශපාලනඥයන්ට අපි කියනවා, කවුරු වුණත් ඔයගොල්ලන්ට කොහේ හරි වැරදිලා කියලා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *