වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට – මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

2024.09.19 වන දින මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණ ගිනි අවි වලින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙම ඝාතනයට යතුරු පැදියෙන් පැමිණ පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදු කළ සැකකරු අපරාධයෙන් පසු එම අවිය සහ පතරොම් 05 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියක් 2024.11.03 වන දින වැල්ලවාය. අහංගම හා මිදිගම ප්‍රදේශ වලදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. වෙඩි තැබීමෙන් පසු අවිය ප්‍රවාහනය සඳහා යොදා ගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 42 ත් අතර වයස්වල පසුවන අහංගම, වැලිගම හා වැල්ලවාය ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය වයස අවුරුදු 41 ක් වන අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පිස්තෝල අවිය සන්තකයේ තබාගෙන සිටි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 1,542,000/- පොලිස් භාරයට ගෙන ඇති අතර. මොහු විදේශ රටක සිට මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයෙකුගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇත. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *