වෙඩි වැදී පූර්ණ ආබාධිත වූ තිහගොඩ සිසුවා සුව කර ගැනීමට උදව් ඉල්ලන මව්පියෝ

මීට වසර එක හමාරකට පෙර පොලීසියේ වැරදීමකින් එල්ල වූ වෙඩි පහරකින් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මාතර නාවිමන ප්‍රදේශයේ සිසුවෙකු මේ වන විට පූර්ණ ආබාධිතයකු බවට පත්වී තිබෙනවා.

ඔහුගේ මව්පියන් ඉල්ලා සිටින්නේ සිය දරුවා සුව කර ගැනීමට සහාය වන ලෙසයි.

හරීෂ් හංසක උපතින්ම ආබාධිතයකු නොවෙයි.මීට වසර එක හමාරකට කලින් පොලිස් නිළධාරියකු විසින් වැරදීමකින් කළ පොලිස් වෙඩි පහරකින් හංසකගේ හිසට වෙඩි පහරක් එල්ල වුනේ ඔහු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් කරමින්.

ඒ ගමේ පන්සලේ කවාඩි නැටීම සදහා මොනර පිහාටු සෙවීමට නිවස ආසන්නයේදීම වල්වල් හෑරුණු ගම්සභා මාර්ගයේ මිතුරන් සමග ගිය අවස්ථාවේදී.

හංසක මෙසේ හෝ ජීවත් වන්නෙ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම නිසා.

නමුත් පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවන ඔහුට කතා කිරීමට වත් බැහැ.එහෙත් හොදින් ශ්‍රවනය වීම විශේෂත්වයක්. ඔහු අම්මා යනුවෙන් මුමුණන අයුරු දැකීම ඇසීම නෙතට කදුළක් ගෙන එනවා.

පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා වූ හංසක සුවකර ගැනීම මව්පියන්ට මේ වනවිට අභියෝගක් වී තිබෙනවා. ඒ පියා කුලී රැකියාවෙන් උපයන මුදල ප්‍රමානවත් නොවීම නිසා.

ඇත්තටම වැසිකිලි කැසිකිළි පහසුකම් වත් හංසකට නෑ.රෝද පුටු කොමඩ් එකක සිට බහිස්‍රාවීය කටයුතු කරවීම දැඩි අපහසුතාවට ලක්වන අවස්ථාවක්. මව පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂණයක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අනෙක් මුදල සොයා ගැනීම අභියෝගක් බවයි.

මේ දක්වා හෙළ වෙදකම අනුව කළ ප්‍රතිකාර තුලින් උඩුකුරුව සිටි හංසක දැන් වාඩි හිස සෘජුව තබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. තව දුරටත් සුව කර ගැනීමට දේශීය වෛද්‍යවරයකු කැමැත්ත පළ කර තිබුණත් ඒ සදහා යොමුවීමටත් මව්පියන්ට හැකියාවක් නැහැ.

මව ඔබෙන් වැදලා ඉල්ලන්නෙ සිය දරුවාට දෙපයින් ගොස් ඔහුගේ වැඩකටයුතු කර ගැනීමට හැකියාවක් ලබා දීමට හැකි අයකුගේ උදව් උපකාර අවශ්‍ය බවයි.

ඔවුන්ගේ ලිපිනය.
සීනිපැල්ලගේ ධම්මිකා මල්කාන්ති
“මහහේන වත්ත”,
නායිම්බල,
තිහගොඩ,
මාතර
0762383721

ගිණුම
ලංකා බැංකුව
තිහගොඩ ශාඛාව
Mr. P B JAYATHUNGA
MAHAHENA WATHTA
NAIMBALA
THIHAGODA 81280

A/C NO. 87622826

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *